Fun Project 001 : ලංකාවේ ලොතරැයි ගන්නවා නම් හොද numbers තියෙනවද ?

ලංකාවේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි ලොතරැයි ගන්න එක. මගේ යාලුවෝ වගේම නෑදෑ වෙන කීප දෙනෙක්ම ඉන්නවා ලොතරැයියක් නොවරදවා ගන්න, හැබැයි හැම සුදුවම වගේ එකෙනුත් සල්ලි වියදම් වෙනවා මිසක් ලැබෙන බවක් නම් පෙන්නේ නෑ. ඉතින් මට හිතුනා මේ ලොතරැයිවල numbers කොච්චාර දුරට repeat වෙනවද කියල බලන්න. සංචරණ සීමා අස්සේ මේක ආපහු මතක් වෙච්ච නිසා ලිව්වා Python code එකක්, BeautifulSoup කියන library එක use කරලා..

මේක මම සීමා කළා ජාතික ලොතරැයි මණ්ඩලයේ, ගොවිසෙත කියන ලොතරැයියට. එකේ දිනුම් වාර 2599 ඉදන් 2783 දක්වා.. ඊට පස්සේ ඒවා මම හිතන්නේ සංචරණ සීමා නිසා මණ්ඩලයෙන් දිනුම් ඇද්දේ නෑ.. හරි කොහොම හරි මෙන්න මෙහෙම තමයි result එක

Draw : 2782
Counter({'X': 14, 'P': 11, 'A': 10, 'S': 10, 'U': 9, 'F': 8, 'T': 8, 'B': 8, 'Q': 8, 'Y': 8, 'Z': 7, 'M': 7, 'L': 7, 'V': 7, 'J': 7, 'E': 6, 'N': 6, 'O': 6, 'D': 6, 'H': 5, 'G': 5, 'W': 5, 'R': 5, 'I': 4, 'K': 3, 'C': 3})
Counter({'16': 16, '60': 16, '59': 15, '64': 13, '20': 13, '12': 13, '33': 12, '37': 12, '78': 12, '80': 12, '11': 12, '40': 11, '48': 11, '21': 11, '49': 11, '76': 11, '15': 10, '23': 10, '65': 10, '36': 10, '26': 10, '45': 10, '50': 10, '38': 10, '61': 10, '54': 10, '43': 9, '53': 9, '79': 9, 
'75': 9, '9': 9, '10': 9, '24': 9, '13': 9, '70': 9, '51': 9, '27': 9, '39': 9, '14': 9, '19': 9, '8': 8, '4': 8, '32': 8, '41': 8, '18': 8, '77': 8, '2': 8, '17': 8, '69': 8, '29': 8, '5': 8, '6': 8, '1': 8, '25': 8, '73': 8, '31': 8, '67': 7, '3': 7, '62': 7, '42': 7, '63': 7, '66': 7, '47': 7, '74': 7, '46': 7, '57': 7, '55': 7, '71': 7, '58': 6, '28': 6, '34': 6, '22': 6, '68': 6, '30': 6, '72': 6, '09': 6, '52': 6, '7': 5, '44': 5, '04': 5, '56': 4, '05': 4, '35': 4, '': 4, '08': 3, '03': 3, '01': 2, '06': 2, '07': 2})

ඔක්කොම දිනුම්වාර 183 මම analyze කළා, එකෙන්

X අකුර වාර 13 ,
P අකුර වාර 11,
A අකුර වාර 10 ,
S අකුර වාර 10 ගානේ repeat වෙලා තිබ්බා..

අංක ’16’: වාර 16,
අංක ’60’: වාර 16,
අංක ’59’: වාර 15,
අංක ’64’: වාර 13,
අංක ’20’: වාර 13,
අංක ’12’: වාර 13 විදිහට repeat වෙලා තිබ්බා..

ඔයත් ලොතරැයි ගන්න කෙනෙක් නම්, මේ අකුරු නොම්බර වලින් අරන් බලන්න දිනන වාර ගාන වැඩි උනාද කියල.. ඔයාලටත් වෙන ලොතරැයියකට මේක කරලා බලන්න ඕනේ නම් පහල තියෙන code එක පාවිච්චි කරන්න.

from bs4 import BeautifulSoup
from collections import Counter
import requests

letterArray = []
numberArray = []

for x in range(2599, 2783):

    html_text = requests.get('https://www.nlb.lk/results/govisetha/' + str(x)).text
    soup = BeautifulSoup(html_text,'lxml')

    sections = soup.find_all('div',class_="BB")
    for section in sections:
        #Find all letters, add them to letter array
        tags = section.find('li',title='Letter')
        for tag in tags:
            letterArray.append(tag)

        #Find all numbers, add them to number array
        tags = section.find_all('li',title=['Number-1','Number-2','Number-3','Number-4'])
        for tag in tags:
            numberArray.append(tag.text)

    print('\n')
    print('Draw : ' + str(x))
    print(Counter(letterArray))
    print(Counter(numberArray))